කවි වගේද මේවා…?

පොත් මේසේ කෙලවරක

පොත් ගොඩක්

යට තිබී

හමුවුනා කවරයක්

තුල දැමූ කොල ගොඩක්

දැකල පුරුදු

ඒත්

මමත් කාලෙකින් නොලියපු

සිංහල කටු අකුරෙන්

ලියා දාපු

කවි වගයක්

කියවා බලන්නත්

වෙලාව නෑ හදිසියි!

 

දැන්වීමයි’

දමා ගියා නම්

කවි පොතක් කාමරේ

මගේ

කවුරුහරි කියන්න

මන් දන්නෙ නෑ

කාගෙද කියලා

මේ

කවි

Image

Advertisements

සිව්වැනි මානය

නිසල කොට

ත්‍රිමානයේ ලෝකයෙන්

අමිල වූ එක්

මොහොතක්

සදාකල් සුරැකීමට

ද්විමාන තලයකට

ගෙන පෙන්වන

ඉන්ද්‍රජාලිකයා…

 

Image

 

ඉස්සර නුඹ
ලඟින් සිටි කල
ලියවුනා කවි දිගටම
ඉදින් නුඹ
ඈත් වී ගිය පසු
තවත් එකියක් ආ කල
ඒත් කවි ලියවුනා
ඉඳ හිට.
දැන් කවුරුවත්
ලඟපාත නැති කල
ලියවෙන්නෙම මෙහෙම
කවි විතරමයි
කවි ගැන.

Image

මගෙ කාලෙ
ලැබුවාම
හැමෝටම හරියන
කෙනා ලැබුනාට
මං තවම
තනිවෙලා

බුද්ධිමත් පොඩි එකා
බුධ වෙලා
හිරුගෙ හුරතලා
තනිකමක් නෑ ඔහුට
ඒ නිසා

බලන්නට එපායැ
බ්‍රහස්පති සෙනසුරු
චන්ද්‍රයන් පිරිවරාගෙන
රවුම් ගහන
අපූරුව
එච්චර නොවේ
අඩු ගනනේ
අඟහරු තරම්වත්
නොවේ
අර නිල් පාට
කඩවසම්
පෘතුවියට වගේ
මටම
ආකර්ශනය වෙන
මා වටෙම
කැරකෙන
එකම එක
සඳක්
තියේනම් තනිකඩ
මට

දුර ඈත
සිටිනා නිසා
පුංචි තරුවක් වෙලා
හැමදාම
උදේට හවසට
ඒ සඳ එක්ක
සුළු මොහොතක්
ආකාසෙ
තනිවෙන්න පුළුවන්
බව දැකලා
කඩවසම් පෘතුවියට
තරහා යයිද
මන්දා…

Moon-venus-photo-tully

දන්නා මගක
අතරමං වී
අරමුණක් නොතකා
ඔහේ ඉදිරියට යන අතර
නොසිතූ ලෙස
හදිසියේ
මට මා හමුවිය!

“නෑ ඒ වෙනෙකෙක්”

“ඒත් මං ඔහු වගේම යි”

හදෘ සාක්ශිය එරෙව්වා මට
“ඔය බොරු! “

හරි එහෙනම්,
මෙහෙම කියන්නම්
“මම හිතුවේ
ඒ වගේ වෙන්නම යි”

මා ඔහුගෙන් වෙනස් වූයේ කෙලෙස?

මා මගෙන් වෙන් වූයේ කෙදිනක?

මා මගෙන් වෙනස් කලේ කුමන තීරණයක්ද?

කොතැන හෝ වැරදීමකී
බරපතල!

අද පටන්ම
“වෙනස් විය යුතුය මා
ඔහු ලෙස”

නැත වෙනස් විය යුතුය මම
මා ලෙස!

www.sortedpixels.com

 

පින්තූරකාරෙයෙක්
මම
මල් උයනෙ ඇවිදින
ඇස ගැටෙන
හිත ඇදෙන
මල් පිරිවරා
සැරිසරන
එක මලක් නෙලන්නේ
නැතිමුත්
පින්තූර ගන්නේ
හැම මලක!
ඒ පින්තූර
අත් මිටක් තරම්,
පුංචි,
රතු පාට,
කාමරයේ
බිත්ති පුරා
ඇලවී තිබේවි සදහටම…!

Image

අඩ සඳක් වන්
හිස් වැස්ම
සුපිරිසිදු සුදු ඇඳුම
දෙව් දුවක්
ලෙස පෙනුනා මට
ඔබව

මාරුව වෙනුවෙන්
වැ‍ටුප වෙනුවෙන්
අප බිල්ලට දී
පාරේ කෑ ගසන්නට
නොගියාද ඔබ?

රාත්‍රිය පුරාවට
පිරිමි වාට්‍ටුව ඉදිරිපිට
වාඩිවී හිඳින්නට
බිය නැතිවුනිද ඔබට?

රෑ මැදියමේ
අවදි වුනු විටෙක
හීනයකින් මෙන් දු‍ටුවා මම
නයිටිංගේල් මැතිනිය
වාට්‍ටුව මැදින්
සක්මන් කරනු

පහනක් නොවිය
අත ‍රැඳුනු
හුරුබුහුටි ඔරලෝසුවක් විය
ළය මත ‍රැඳුනු…

Image