කවි වගේද මේවා…?

Archive for the ‘අමුතු මතක’ Category

සංස්කාර

නූල්

ගැට ගහලා

ගැට ගහලා

කැපුනු ඇඟිලිවල,

ගෑවුනු පාප්ප

අතේම අතුල්ල අතුල්ලා

පිහිදාන ගමන්,

මේ දැන් රැලි දාපු

කූඩුව දිහා බලාගෙන,

ලොකු හුස්මක් අරන්

පිට කරන කොට,

හෙට මේක ගිනි ගනීවිද කියා

බය හිතෙනකොට,

මතක් වෙනවා

ගිය පෝයට

පොඩි හාමුදුරුවෝ කියාපු

බණ…

Image