කවි වගේද මේවා…?

මළගම

පාරවල් පිරෙන්නට වාහනත්
ලයිට් කනු වැහෙන්නට කොඩි වැලුත්
අතරින් රිංගලා
කිට්ටු වුනි නුඹේ මළගමට

මාස ගනනක් පන ඇද්ද
ඉස්පිරිතාල කාමරය වටේ
දුටුවෙ නෑ කිසි දිනක සෙනගක්
අද ගේ වටේ ඇති තරම්

දුරින් සිට බැලුවෙමි
වියැලී වෙනස් වුනු නුබෙ මුහුන දෙස
තවමත් පනපිටින් දෝ සිතෙන
මුහුනේ ඇඳුනු ඒ සිනාව
මතකයි තවමත් මට

ගොඩ දැමූමුත් කොඩිවින
වුනේ නෑ කිසි ගුණ
උන්නා මලාදෝ නොබැලූ නෑයන්
දුම් දමන කෝපි සහ බිස්කට්ද ගිලිමින්
රැස්වී වනයි නුබෙ ගුණ

පනපිටින් ඉන්නාතෙක්
දුක් සැප බැලූ කීපදෙන
මළගමට ඇවිත් කුමටද?
කා බලන්ටද?
පනපිටින් ඉන්නා අයට මුහුනු පෙන්වන්ටද?

empty-hospital-bed-624x295

A Whisper

Hush…!
I hear a whisper
It’s calling me
A whisper from a distance
A strange but somehow familiar voice
A memory from a long time back

I hear it
Like the sound of a waterfall
Like the sound Of wind
whistling through Pine trees
Like the sound of crickets
Chirping in the darkness

There! that whisper again
It’s calling me
Its a call
from a bunch of
long forgotten friends

They are calling me
end of a dreadful work day
I hear a whisper
Near my ears

I know!
I know who they are
Mountains!
Mountains are calling me.
And i must go…

tumblr_lzt9pcRgpZ1r5092to1_1280

Inspired by the quote “The mountains are calling and I must go” by John Muir

සංස්කාර

නූල්

ගැට ගහලා

ගැට ගහලා

කැපුනු ඇඟිලිවල,

ගෑවුනු පාප්ප

අතේම අතුල්ල අතුල්ලා

පිහිදාන ගමන්,

මේ දැන් රැලි දාපු

කූඩුව දිහා බලාගෙන,

ලොකු හුස්මක් අරන්

පිට කරන කොට,

හෙට මේක ගිනි ගනීවිද කියා

බය හිතෙනකොට,

මතක් වෙනවා

ගිය පෝයට

පොඩි හාමුදුරුවෝ කියාපු

බණ…

Image

I Feel You Closer

I don’t know
today evening
where you were or
what you were doing
but
i was dancing with you
holding your soft hands
looking at your deep black eyes
while you flew around me
hovering above the dance floor
holding my hands
like an angel.

moving away from me sometimes
yet without loosing the grip
of my trembling fingertips.
again drifting towards me
by the soft pull of my fingertips

I feel you closer to me
more than ever
even though
i know you are little far
in “Time”.
I feel you closer…
I feel you closer…

the_first_dance_of_a_newly-married_couple_with_slow_music_and_romantic_illumination

පොත් මේසේ කෙලවරක

පොත් ගොඩක්

යට තිබී

හමුවුනා කවරයක්

තුල දැමූ කොල ගොඩක්

දැකල පුරුදු

ඒත්

මමත් කාලෙකින් නොලියපු

සිංහල කටු අකුරෙන්

ලියා දාපු

කවි වගයක්

කියවා බලන්නත්

වෙලාව නෑ හදිසියි!

 

දැන්වීමයි’

දමා ගියා නම්

කවි පොතක් කාමරේ

මගේ

කවුරුහරි කියන්න

මන් දන්නෙ නෑ

කාගෙද කියලා

මේ

කවි

Image

සිව්වැනි මානය

නිසල කොට

ත්‍රිමානයේ ලෝකයෙන්

අමිල වූ එක්

මොහොතක්

සදාකල් සුරැකීමට

ද්විමාන තලයකට

ගෙන පෙන්වන

ඉන්ද්‍රජාලිකයා…

 

Image

 

ඉස්සර නුඹ
ලඟින් සිටි කල
ලියවුනා කවි දිගටම
ඉදින් නුඹ
ඈත් වී ගිය පසු
තවත් එකියක් ආ කල
ඒත් කවි ලියවුනා
ඉඳ හිට.
දැන් කවුරුවත්
ලඟපාත නැති කල
ලියවෙන්නෙම මෙහෙම
කවි විතරමයි
කවි ගැන.

Image